කොටුව දුම්රියේ ස්ථානයේ භික්ෂුවක් බීමතින් අශෝභන ලෙස හැසිරෙයි – පොලිසියේ නිල ඇදුම් ඉරන්නත් හදලා

කොටුව දුම්රිය ස්ථානයේ පිහිටි භික්ෂු විවේකාගරයේ බීමතින් අශෝභන ලෙස හැසිරුණු භික්ෂුවක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට එම භික්ෂුව අතින් පයින් හා බෝතලයකින් පහර දී නිල ඇඳුම් ඉරා දමා පලා යාමට තැත් කිරීමේදී කොටුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

පහර කෑමට ලක්වූ කොස්තාපල්වරුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පෙරේදා (15 වැනිදා) සවස 4.30 ට පමණ භික්ෂු විවේකාගාරයේ භික්ෂුවක් අශෝභන ලෙසට හැසිරෙන බවට ලද තොරතුරක් මත පොලිස් කොස්තාපල් විලෝචන (99530) නමැති නිලධාරියා නාවික හමුදා නිලධාරීන්ද සමග එහි ගොස් ඇත. එහිදී එම භික්ෂුවගේ ජාතික හැඳුනුම්පත පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැණ වැදී සිවුර ගලවා දමා එතැනින් පලා යාමට උත්සාහ කර තිබේ.

මෙහිදී පොලිස් කොස්තාපල්වරයා හිමිනම අල්ලා ගැනීමට උත්සාහ කරද්දී කොස්තාපල්වරයා සතු ගමන් කථනය පොළොවේ ගසා, ඔහුගේ නිල ඇඳුම් කොටස් ඉරා, අත සපා කා තුවාල කර තිබේ.

බීමත් භික්ෂුව පොලිස් නිලධාරියාට පහර දෙන අයුරු දුටු අවට සිටි පිරිස් පසුව එම භික්ෂුවට පහර දී ඇත. ප්‍රහාරයට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා මුදා ගැනීමට පැමිණි කොටුව රථවාහන පොලිසියේ කොස්තාපල් ආර්. ඒ. රූබන්ටද (310) සැකකාර හිමිනම වීදුරු බෝතලයකින් පහර දී සපා කා ඇත.

පසුව එකී භික්ෂුව කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර, ලංකාරාම පාර කුටිය පන්සල ලිපිනයේ කිරිඳිවැල පියරතන (47) නමැති භික්ෂුවක මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *