ලංකා විදුලි බල මණ්ඩලයේ ඉහළම නිළධාරිනියක ප්‍රංශයේ සති තුනක අධ්‍යාපන චාරිකාවක් යාම වෙනුවෙන් මිලදී ගත් රුපියල් 35,000 සපත්තු කුට්ටමකට සහ රුපියල් 28,000 ක අත්බෑගයට විදුලි බල මණ්ඩලය රුපියල් 63,000ක මුදලක් ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා කියා සිටී.