ලෝ ප්‍රකට විශිෂ්ට වාස්තු නිර්මාණයක් වූ එක්සත් ජනපදයේ “ෆැන්සිස් ස්කොට් කී” පාලම ලංකාව දෙසට යාත්‍ර කල නෞකාවක ගැටී විනාශ වෙයි

එක්සත් ජනපදයේ මේට්ලන්ඩ්හි පැටප්ස්කො ගඟහරහා  බැල්ටිමෝර් වරායේ පිටතම හරස් මාර්ගය වූ ලෝ ප්‍රකට ෆැන්සිස් ස්කොට් කී පාලම සිංගප්පූරුවේ ධජය සහිත යාත්‍රාවක ගැටී අද අළුයම විනාශ වී ඇති බව විදෙස් ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කරයි.

වානේ ආරක්කු සහිත විශිෂ්ඨ වාස්තු නිර්මාණයක් ලෙස මෙම පාලම එළි දකින්නේ වර්ෂ 1977 මාර්තු 23 දා ය. පාලමේ දිග  සැතපුම් 1.6 (මීටර් 2,632) කි. එය මං තීරු හතරක් සහිතය. මෙම පාලමේ ආරක්කු අතරන් නෞකා ගමනා ගමනය දශක පහකට ආසන්න කාලයක් සිද්ද වෙමින් තිබිනි.

කෙසේ වෙතත් වැරදි ලෙස ධාවනය වූ  නෞකාවේ ගැටී පාලම විනාශ වී යන ආකාරය BNO News  වීඩියෝවක් නිකුත් කරමින් X  හි වාර්තා කර තිබේ. මැරීන් ට්‍රැෆික් වෙබ් අඩවියේ දත්ත උපුටා දක්වමින් ස්කයි නිව්ස් වාර්තා කළේ, කඩා වැටීමට හේතු වූ ගට්ඨනය ඇති කළ යාත්‍රාව සිංගප්පූරුවේ ධජය සහිත බහාලුම් නෞකාවක් වන ඩාලි විය හැකි බවයි.

AP පුවත් සේවයට අනුව අලුයම 1:30 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇත.  වීඩියෝ දර්ශන විනිශඡයන්ට  අනුව  , අනතුර සිදු කළ නෞකාව ගිනිගෙන ගිලී ඇති බවත් මියගිය හෝ තුවාල ලැබූ බවට මෙතෙක් වාර්තා වී නොමැති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

image 15 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *