ඉන්දියාවේ ඡන්දය දාන අයට නොමිලේ මත්පැන් සහ කෑම දෙයි


ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන අතරතුර කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් නගරයේ ඡන්ද දායකයින් දිරිමත් කිරීම සඳහා හෝටල් සහ ආයතන උපක්‍රම කිහිපයක් භාවිතා කරමින් සිටිනවා.

ඡන්දය ප්‍රකාශ කරන්නන්ට නොමිලයේ ආහාර, වට්ටම් සහිත ප්‍රවාහන සේවා, සෞඛ්‍ය පරීක්ෂණ සහ මධ්‍යසාර ද ලැබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් එම වරප්‍රසාද ලබාගැනීමට නම් ඡන්දදායකින් තීන්ත සලකුණු කළ ඇගිල්ල ප්‍රදර්ශනය කළ යුතුයි.

මේ සඳහා ප්‍රාන්ත මහාධිකරණය අවසර ලබා දී ඇති අතර මැතිවරණ මාර්ගෝපදේශ උල්ලංඝනය නොවන ආකාරයෙන් අදාළ කටයුතු සිදු කළ යුතු බවට නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *