පළතුරු නිෂ්පාදනය කරන මැෂින්වලින් ඉමියුනිග්ලෝබියුලීන් ඖෂධය නිපදවා ඇති බව හෙළි වෙයි

ආන්දෝලනාත්මක ඉමියුනිග්ලෝබියුලීන් වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයා, එම ඖෂධ මෙරටට ගෙන්වා නැති බවත්, තමන්ටම අයත් කර්මාන්ත ශාලාවක් තුළ දී එම ඖෂධ නිෂ්පාදනය කර ඇති බවත් වාර්තා විය.

මේ සම්බන්ධයෙන් තවත් අනාවරණයක් නවතම විගණන වාර්තාවකින් හෙළි වී තිබේ.

එනම්, අදාල ව්‍යාපාරිකයා මෙම ඖෂධ නිෂ්පාදනය කිරීම සදහා භාවිතා කර ඇත්තේ පළතුරු බීම නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර බවයි.

ඉමියුනිග්ලෝබියුලීන් වැනි සංකීර්ණ ඖෂධයක් නිෂ්පාදනය කිරීමට තරම් දියුණු කර්මාන්ත ශාලාවක් රට තුළ නැති බව මීට පෙරද පාර්ශ්ව කිහිපයක් පවසා තිබුණි.

ඒ, එය ඉතාම සංකීර්ණ නිෂ්පාදන ක්‍රියාවලියක් වන බැවිනි.

ආන්දෝලනාත්මක ව්‍යාපාරිකයා විසින් ඉමියුනිග්ලෝබියුලීන් නමැති ප්‍රතිදේශ ඖෂධය මෙන්ම, පිළිකාව සදහා භාවිතා කරන රිටුක්සිමැබ් නමැති ඖෂධයද ඔහුගේ කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදනය කර ඇති බවත්, ඒවා කිසිසේත්ම අවශ්‍ය ප්‍රමිතියට නොතිබෙන බවත් වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *