ඉන්ධන අර්බුදය විසදන්න දින 04ක වැඩ සතියක් අරඹන්න සූදානමක්

ඉන්ධන අර්බුදයට පිළියමක් වශයෙන් දින හතරක වැඩ සතියක් හඳුන්වාදීමට ඉදිරිපත්ව ඇති යෝජනාවක් කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (16) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

මෙම රැස්වීමට සහභාගි වන ලෙස රජයේ ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්්‍ය චන්දන අබයරත්න මහතාගෙන් ඊයේ රාත්‍රී කළ විමසුමකදී ඔහු පැවසුවේ එම යෝජනාව ඇතුළු තවත් යෝජනා කීපයක් ගැන අවධානය යොමුව ඇති බවයි.

මේ අතර ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන්වූ යෝජනාද මෙම රැස්වීමේදී සලකා බැලීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *