අල්ලන මත්ද්‍රව්‍ය හොරෙන් පන්නලා ඉවරයි – මත්ද්‍රව්‍ය විනාශ කරන්න අධිබලැති උදුනක් හදයි


පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමට පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ අධිබලැති උඳුනක් ස්ථාපිත කර තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය විනාශ කරන අධිබලැති උඳුන ස්ථාපිත කර ඇත්තේ, පුත්තලම ලැක්ටෝස් වත්ත ඉඩමේ පර්චස් 20ක භූමියකයි.මෙම උඳුන ස්ථානගත කිරීම සඳහා රුපියල් මිලියන 6.34ක මුදලක් ශ්‍රී ලංකා පොලිසියෙන් වැය කර ඇති අතර, එම භූමිය සකස් කිරීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ මඟ පෙන්වීම යටතේ පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ඉදි වූ මෙම උඳුන ස්ථානගත කිරීම සඳහා වැය වී ඇති සම්පූර්ණ වියදම රුපියල් මිලියන 11කට අධික බව පොලිස් මූලස්ථාන නිවේදනයේ සඳහන්.

ඒ අනුව හෙට (18) දින හෙරොයින් කිලෝ 279යි ග්‍රෑම් 591ක් සහ මෙතැම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 45යි ග්‍රෑම් 654ක ප්‍රමාණයක් විනාශ කිරීමට නියමිත අතර සෙල්සියස් අංශක 800 – 1200 දක්වා උෂ්ණත්වයකින් මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පැය 8ක කාලයක් ගතවෙනවා.

පැයක කාලයක් මෙම උඳුන ක්‍රියාත්මක කිරීම සඳහා ගෑස් කිලෝ ග්‍රෑම් 15ක් සහ ඩීසල් ලීටර් 4ක් වැය කෙරෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *