ඉන්දියන් සාගරයේ තවත් ප්‍රබල භූ කම්පන ගැන අනතුරු ඇගවීම්

ඉන්දියානු සාගරයේ ගැඹුරු මුහුදු කලාපය තුළ ඉදිරියේ දී තවත් භුගත කම්පන සිදු විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

ඉන්දියන් සාගරය තුළ ඊයේ (29) අලුයම භූ කම්පන 02ක් සිදු වූ අතර, ඉන් එක් කම්පනයක් රික්ටර් පරිමාණයේ ඒකක 4.8ක් ලෙස ද දෙවැනි කම්පනය ඒකක 5.8ක් ලෙස ද වාර්තා වී තිබිණි.

කෙසේ වෙතත් මෙම කම්පන හරහා මෙරටට බලපෑමක් සිදු නොවන අතර, ඒ පිළිබඳ අනිසි බියක් ඇතිකර ගත යුතු නොවන බව ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *