ජී රාජපක්ෂගේ නමට ඇති අයිතිකරුවෙකු නැති නිවස වාර්මාර්ගයට පවරා ගත්තා – නියෝජ්‍ය ඇමති අරවින්ද කියයි

කතරගම මැණික් ගඟ අසබඩ පිහිටි ප්‍රශ්න ගත ජී. රාජපක්ෂගේ නිවස බලන්නට නිවාස ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා එහි ගියේය.

අදාළ ප්‍රශ්න ගත නිවසේ විදුලි බිල් පවා ජී .රාජපක්ෂ නමැත්තකුගේ නමට තිබුණද ඊට අයිතිවාසිකම් කීමට කිසිවකුත් ඉදිරිපත් වී නොමැති හෙයින් අදාල නිවස වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පැවරීමට රජය කටයුතු කළේය.

අදාල නිවෙස නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේ වාරි මාර්ගයට අයත් රක්ෂිත භූමියක මෙම නිවස ඉදිකර ඇති බවයි.කිසිදු අවසරයකින් තොරව එම නිවස ඉදිකර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

අදාල නිවස ඉදිකරද්දී ගමේ ග්‍රාම නිලධාරීවරයා ඊට විරුද්ධ වී ඇති බවත් නමුත් බලය පාවිච්චි කර අදාල ඉදිකිරීම කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා සඳහන් කළේය.

අනාගතයේදී මෙම ඉදිකිරීම ඵලදායී කටයුත්තක් සඳහා යොදාගන්නාා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ කතරගම මැණික් ගඟ අසබඩ පිහිටි අදාළ නිවස තමාගේ නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *