‘ගල්ගුල්ලෙක්’ ගල්කිස්ස වෙරළ පාර කෙළවරින් හමු වෙයි

ගල්කිස්ස, වෙරළ පාර කෙළවර මුහුදුබඩ තීරයට ‘ගල්ගුල්ලා’ නොහොත් ‘හීල්ස්’ යන නාමයෙන් හඳුන්වනු ලබන දුර්ලභ ගණයේ මියගිය මත්ස්‍යයකුගේ සිරුරක් ගොඩගසා ඇතැයි ධීවරයන් පවසා සිටී.

මෙම සත්ත්ව විශේෂය වැඩි වශයෙන්ම ජීවත්වන්නේ ගැඹුරු මුහුදේ ගල්පර අතර වන බැවින් ගොඩබිමට නොපැමිණෙන දුර්ලභ ගණයේ මාළුවෙක් වන අතර, අනෙකුත් මාළුන්ගේ ශරීර වර්ණයට වෙනස් තිත්පැල්ලම් සහිත සමක්ද පිහිටා තිබෙන අතර මොවුන් ආහාර, සඳහා නොගන්නා මාළු විශේෂයක් ද වන බවත් ධීවරයින් පවසා සිටී.

ධීවරයින් විසින් ගැඹුරු මුහුදේ ගල්පර වටකර දැල් එළන අතර, එම දැලකට පැටලී ගොඩට ආවාද නැත්නම් මේ දිනවල වාරකන් නිසා ගැඹුරු මුහුදේ දියරළ ගොඩ ගැසීමෙන් ඒ සමඟ ගොඩට එන්නට ඇතැයි ද ධීවරයින් පවසා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *