ගාල්ල මහ නගර සභාවේ අද (30) පැවති විශේෂ මහා සභා රැස්වීමේදී ඉතා උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමත් සමඟ සභා ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමගම සභාව උණුසුම් මුහුණුවරක් ගත්තා.
අප වාර්තාකරු පැවසුවේ එහිදී හොරා හොරා අපේ ඡන්ද මංකොල්ල කෑවා යනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක හඬින් ඝෝෂා කිරීම නිසා සභාවේ වැඩ කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වූ බවයි.
නගරාධිපතිවරයා න්‍යාය පත්‍රානුකූලව සභාවේ වැඩකටයුතු කරගෙන ගිය අතර ඉන් අනතුරුව එළඹි කාරක සභා අවස්ථාව නිවේදනය කිරීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ලේකම් මණ්ඩලය වාඩිවී සිටින ස්ථානයට වතුර බෝතල් රැගෙන ජල ප්‍රහාරයක් එල්ල කළා.
එය වඩාත් උත්සන්න වීමත් සමඟම පැය භාගයකට කල් තැබූ නගරාධිපතිවරයා සභාවෙන් බැස යාමත් සමඟම නැවතත් විපක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවය පළ කරමින් සිටින ආකාරය දක්නට ලැබුණා.