දිවා රාත්‍රී තරග ගහන්න ගාල්ලට අංග සම්පූර්ණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදයි

ගාල්ලේ තවත් අංගසම්පූර්ණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට කටයුතු කරමින් සිටින වන බව අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා පැවසීය.

අද (06) පෙරවරුවේ පැවති හබරාදුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම ක්‍රීඩාංගනය ඉදිකිරීම සඳහා මේ වන විට හබරාදුව ප්‍රදේශයෙන් ඉඩමක් සොයා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහයෝගය ද ලැබෙන බව ඔහු පැවසීය.

ඉදිකිරීමට නියමිත සියලු ජාත්‍යන්තර පහසුකම් වලින් සපිරි මෙම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දේශීය තරඟ සහ විදේශීය තරඟ සඳහා ද යොදා ගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *