ලංකාවේ ඇති වූ ආපදා තත්වය හමුවේ ගංවතුරෙන් හානියට පත් මහනුවර ප්‍රදේශයේ පාසල් කිහිපයක් සම්පූර්ණයෙන් නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා , ගාල්ල නගරයේ පාසල් කිහිපයක් මේවන විට එම කර්තව්‍යය භාරගෙන ඇත.
එම පාසල් පහත පරිදි වේ.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය විසින් ගම්පොළ ජිනරාජ බාලිකා විදුහලද
ගාල්ල මහින්ද විද්‍යාලය විසින් පේරාදෙණිය හින්දු විද්‍යාලයද.
ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය විසින් ගැටඹ මහානාම විදුහලද
ගාල්ල රිපන් බාලිකා විද්‍යාලය විසින් ගම්පොළ ශාන්ත ඇන්ඩෘ විදුහල
ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ ආපදාවන්ට පත්වූ පාසල් යලි සම්පූර්ණ ලෙස නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ගාල්ල නගරයේ පාසල් භාරගෙන ඇත.