හරිනි අගමැතිකමින් ඉවත් කර බිමල්ව පත් කරන්න ජවිපෙ උත්සාහ කරනවා – ගම්මන්පිල

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් සිදු කළ ප්‍රකාශයක් යළි නිවැරදි කළ හැක්කේ එතුමියට හෝ ජනාධිපතිවරයාට පමණක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව, කිසිදු අවස්ථාවක අග්‍රාමාත්‍යවරයකු විසින් කරන ලද ප්‍රකාශයක් කනිෂ්ඨ අමාත්‍යවරයකු විසින් නිවැරදි කිරීමක් සිදු කර නොමැති බවයි අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර, ජනතා විමුක්ති පෙරමුණෙන් අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට බලාපොරොත්තු වන්නේ බිමල් රත්නායක අමාත්‍යවරයා බවද ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අද උත්සාහ කරමින් සිටින්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කලකිරීමට පත් කර එම ධුරයෙන් ඉල්ලා අස්වන තැනට පත් කිරීමට බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *