උදය ගම්මන්පිල මහතා විසින් රචිත ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම’ කෘතිය ජනගත කිරීම අද (මාර්තු 31) පස්වරු 3.30 ට, කොළඹ 05 පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ දී සිදුකෙරේ.
2019 අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවම කම්පනයට පත් කරමින් එල්ල වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස සිටි සැබෑ මහ මොළකරු කවුද යන්න පිළිබඳව සමාජය තුළ තවමත් පවතින්නේ නොවිසඳුණු කුතුහලයකි. විවිධ දේශපාලන අරමුණු මත සමාජගත කර ඇති ‘මහ මොළකරු’ සංකල්පය පිළිබඳව වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ සිදු කළ ගැඹුරු පර්යේෂණාත්මක ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙස, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම’ කෘතිය ප්‍රකාශයට පත් කරනු ඇත.