ගම්පොල නගර සභාවේ පොහොට්ටු පක්ෂ නාගරික මන්ත්‍රී සුරේශ් ඉන්දික කුමාර යන අය ගංජා විකුණමින් සිටිය දී ගම්පොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත් අඩංගුවට ගත් සැකකරු එළැඹෙන තිස් වන දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන ලෙස ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ගංජා සහ කසිප්පු වෙළදාම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී ම මේ පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පැවසේ.