ගෑස් පෝලිම් නිර්මාණය කළේ රූපවාහිනී නාලිකා නොවන බවත්, ඊයේ (18) පැවති එම ගෑස් පෝලිම් සැබෑම ගෑස් පෝලිම් බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී චානක මාදුගොඩ පවසනවා.
නමුත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ එම ගෑස් පෝලිම් අසලට ගොස් ‘වොයිස් කට්’ ලබාදෙමින් දේශපාලනය නොකරන බවයි අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්රීවරයා ප්රකාශ කළේ.
පසුගිය රජය පැවති කාලයේ ගෑස් හිඟය පැවති අවස්ථාවේ ගෑස් සිලින්ඩර පිපිරීමට ලක් වූ බවත්, එහෙත් රජය පැරදුණු පසු ගෑස් පිපිරීම් නැවතීමට ලක් වූ බවයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී චානක මාදුගොඩ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.