වසර කිහිපයක් තිස්සේ ඇණහිට තිබූ මහනුවර ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු කිසිදු විදේශීය ණයක් ලබා නොගෙන, රජයේ දේශීය අරමුදල් භාවිතයෙන් නිම කිරීමට තීරණය කළ බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි, ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප්‍රමාද වීම නිසා ගෙවිය යුතු අමතර හිමිකම් (Claims) ද ඇතුළුව ව්‍යාපෘතියේ සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය යුරෝ මිලියන 55.9ක් දක්වා සංශෝධනය වී ඇත. ඒ අනුව, මීට පෙර කරන ලද ගෙවීම් අඩු කළ පසු, ව්‍යාපෘතියේ ඉතිරි වැඩකටයුතු නිම කිරීම සඳහා යුරෝ මිලියන 40.5ක් (රුපියල් බිලියන 13කට අධික මුදලක්) වැය වෙතැයි අපේක්ෂා කෙරේ.