මේ වසරේ උසස් පෙළ ලියන ගීතාං­ජ­ලීගේ සැත්ක­මට මහජන ආධාර පතයි

මේ වසරේ උසස් පෙළ විභා­ග­යට පෙනී සිටී­මට නිය­මිත රක්වාන දෙමු­වාත මහා විද්‍යා­ලයේ 13 කලා ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන ආර්.එල්. ගීතාං­ජලී  සෙනෙ­වි­රත්න ශිෂ්‍යා­වගේ පාද දෙකෙ­හිම උකුල් ඇට බද්ධ කිරීමේ සැත්ක­ම­කට මුද­ලින්  ආධාර කරන ලෙස දෙමු­වාත මහ විදු­හලේ විදු­හ­ල්පති විජිත් දේශ­ප්‍රිය මහතා ඉල්ලා  සිටියි.

හොර­මුල, දෙමු­වාත ප්‍රදේ­ශයේ දැඩි ආර්ථික අප­හ­සුතා සහිත පවු­ලක  එකම දරුවා වන මැය, වසර පහක සිට මේ රෝග­යෙන් පීඩා විඳි­මින් සිය අධ්‍යා­පන  කට­යුතු සිදු කර­ගෙන යයි. මේ ශිෂ්‍යාව 2022 වසරේ පැවැති අ.පො.ස සා/පෙළ  විභා­ග­යට පෙනී සිට A සාමර්ථ්‍ය 5ක් සහි­තව විභා­ගය සමත් වී ඇත.

මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ විදු­හ­ල්පති විජිත් දේශ­ප්‍රිය  මහතා පැවැ­සුවේ ඉගෙ­නී­මට දක්ෂ මේ සිසු­වි­යට වැලඳී ඇති රෝගය සුව­පත් කර­ගැ­නී­මට  ඇගේ උකුල් ඇට දෙක බද්ධ කිරී­මට අවශ්‍ය ශල්‍ය කොටස් විදේ­ශ­ය­කින් ගෙන්වා ගත  යුතු බවත්, ඒ ශල්‍ය­ක­ර්මය කොළඹ ජාතික රෝහ­ලේදී කරන ලෙස විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්  පවසා ඇති බවත්ය.

ඒ සඳහා මුද­ලින් රු. ලක්ෂ විස්ස­කට ආසන්න මුද­ලක් වැය වන බවද  වෛද්‍ය­ව­රුන් ප්‍රකාශ කර තිබේ.

දැඩි ආර්ථික අප­හ­සු­තා­ව­න්ගෙන් පෙළෙන ඒ ශිෂ්‍යා­වගේ මවු­පි­යන්ට මේ  මුදල සොයා ගැනී­මට අප­හසු තත්ත්ව­යෙන් පෙළෙන බැවින්, ඒ සඳහා ඔබගේ ආධා­රය රක්වාන  මහ­ජන බැංකු ශාඛා­වෙහි ඇති අංක 1292001 10048568 දරන ගිණු­මට හෝ ගොඩ­ක­වෙල ලංකා  බැංකු ශාඛා­වෙහි අංක 92291598 දරන ගිණු­මට බැර කරන මෙන් විදු­හ­ල්ප­ති­ව­රයා  ඉල්ලා සිටියි.

උපුටා ගැනීම – දිණමින පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *