2024 ජුනි මාසයේ ඉඳන් ජර්මනියට එන්න පුළුවන් අලුත් ක්‍රමය හරියටම මෙන්න

2024 ජුනි මාසයේ ඉඳන් ජර්මනියට එන්න පුළුවන් අලුත් ක්‍රමය – chancenkarte

මේ අලුත්ම ක්‍රමය තමයි chancenkarte (opportunity card) කියලා කියන්නේ.

මේක ලබාගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.

1. ඔයාට දැනට තියෙන වෘත්තීය සුදුසුකම, ජර්මනියේ Residence Act එකේ Section 18 para. 3 අනුව ජර්මනිය තුළ සම්පූර්ණයෙන් පිළිගන්න එකක් නම්, සහ ඒක යටතේ ඔයා Skilled Worker කෙනෙක් විදියට පිළිගන්නවා නම් ඔයාට වෙන කිසිම අවශ්‍යතාවකින් තොරව මේකට අයදුම් කරන්න පුළුවන්.

2. මේකට හදපු ලකුණු ක්‍රමය යටතේ ලකුණු 6ක් හෝ ඊට වඩා තියෙනවා නම් මේකට අයදුම් කරන්න පුළුවන්.
* ඔයාට university degree එකක් හෝ vocational training එකක් (අවම වශයෙන් අවුරුදු 2ක) එක්ක,
* අවුරුදු 3ක වත් experience තියෙනවා නම් සහ
* ඔයාට ජර්මානු භාෂා ප්‍රවීණතාව අඩුම තරමේ A1 හෝ ඉංග්‍රීසි භාෂාව B2 (German – level A1 CEFR or English – level B2 CEFR) තියෙනවා නම් මේකට ලකුණු 6ක් හෝ ඊට වඩා ලබාගන්න හැකියාව තියෙනවා.

ජර්මානු රජයෙන් නිකුත් කළ අදාල ගැසට් එක අනුව මේ ලකුණු ගණනය කරන සම්පූර්ණ ක්‍රමවේදය මොකක්ද කියලා මේ වීඩියෝ එකේදි අපි පැහැදිලි කරලා තියෙනවා.

මේ පළමු ක්‍රමවේදය යටතේ එනවා නම් ඒකට ඔයාගේ වෘත්තීය සුදුසුකම ජර්මනිය තුළ recongnized එකක්ද කියලා බලන්න වෙනවා නේ. ගොඩාක් වෙලාවට මේ recongnition එක අවශ්‍ය වෙනවා කියලා කියන්නේ මෙන්න මේ වෘත්තීයන්ට.
• Nurses
• Doctors
• Teachers
• Lawyers

ඒ ගැන වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් මේ Hotline එක එයාල විවෘත කරලා තියෙනවා. ඒකෙන් වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන් වෙනවා (ඒක ඉංග්‍රීසි භාෂාවෙන් කරගන්න පුළුවන්ද කියලා නම් අපි උත්සාහ කරලා බලලා නැහැ )

https://www.make-it-in-germany.com/…/contact-us/hotline

ඒ වගේම මේ recognition එක අවශ්‍ය වෙන්නේ කාටද, ඒක කරගන්නේ කොහොමද කියලා සම්පූර්ණ තොරතුරු මෙතනින් ඔයාලට බලාගන්න පුළුවන්.

https://www.make-it-in-germany.com/…/workin…/recognition

recognition එක තනියම කරගන්න අවශ්‍යයි නම්, මේකෙන් ඔයාලට ඒක තනියම කරගන්නත් පුළුවන්. හැබැයි මේ process එකට මාස 3කට වැඩි කලයක් ගත වෙන්න ඉඩකඩක් තියෙනවා.

https://www.anerkennung-in-deutschland.de/html/en/index.php

මේ recognition එක සම්බන්ධව සියලු තොරතුරු අදාල වෙන්නේ ඔයා ජර්මනියට එන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි ක්‍රමය යටතේ නම් විතරයි. එහෙම නැතුව ලකුණු ක්‍රමය යටතේ නම් මේක ඔයාට අදාල වෙන්නේ නෑ. එහෙම නම් ඔයා මූලිකත්වය දෙන්න ඕනි මේ ලකුණු 6 සම්පූර්ණ කරගන්න එක ගැන පමණයි.

මේ ගැන සියලු තොරතුරු පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ජර්මානු රජයෙන් කරගෙන යන මේ නිළ වෙබ් අඩවියේ. කැමති කෙනෙක්ට ඒක බලලා මේ ගැන තහවුරු කරගන්නත් පුළුවන්.

https://www.make-it-in-germany.com/…/skilled…

chancenkarte ඩොට් කොම් කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකට නම් අහුවෙන්න එපා!!!!
කවුරුහරි පෞද්ගලික ආයතනයක් ඒ ඩොමේන් එක සල්ලි දීලා අරන් කරගෙන යන ස්කෑම් එකක් වගේ දැනට පේන වෙබ්සයිට් එකක් තමයි ඒක. ඒ නිසා ඒකේ register වෙලා ‘ආ දැන් හරි’ කියලා හිතාගෙන ඉන්න එපා. සමහරවිට ඒක අපේ ඊමේල් එකතු කරගෙන වෙනම දේකට ලෑස්ති වෙනවා වෙන්නත් පුළුවන්. ඒක නිසා ඒකේ system එකෙන් point 6 එනවද කියලා ගණං හදලා බලන්නවත්, ඒකට email address එක දෙන්න වත් යන්න එපා. සමහර විට මේ ඩොමේන් එක ඉදිරියේදි රජයෙන් මිලදී ගනියි. හැබැයි දැනට නම් ඒක ස්කෑම් එකක් වගේ පේන සයිට් එකක්.

ඔයාලට අවශ්‍ය නිල තොරතුරු හැමවෙලේම මේ make-it-in-germany සයිට් එකෙන් ගන්න පුළුවන්.

හැබැයි මතක තියාගන්න ඕනි විශේෂ දෙයක් තමයි IT field එක හැර බොහොමයක් fields වල ජොබ් එකක් කරන්න නම් ජර්මන් භාෂා ප්‍රවීණතාව අවශ්‍ය වෙනවා. ඒ වගේම තමන්ට අදාල field එකේ ජොබ්, ජර්මනියේ තියෙනවද බලන්න පුළුවන් ඔය උඩින් කිව්ව සයිට් එකෙන්.

ජුනි මාසයෙන් පස්සේ කොහොමද මේකට apply කරන්නේ කියලා හරියටම දැනගත්ත ගමන් අපි මේ ගැන තොරතුරු ඔයාලා එක්ක බෙදාගන්නම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *