පෙම්වතිය පෙම්වතාට දරුණු පිහි ප්‍රහාරයක් එල්ල කරයි – පෙම්වතා කෙලින්ම රෝහලේ


පෙම්වතිය විසින් තම පෙම්වතාට පිහි ප්‍රහාරයක් එල්ල කළ බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ ගම්පොළ ප්‍රදේශයෙන්.

පෙම්වතියට වයස වුරුදු 19ක්වන අතර පෙම්වතාට අවුරුදු 22ක් බව සඳහන්.

වසර එක හමාරක් පැවති පෙම් සබඳතාවය පෙම්වතා විසින් මෑතක සිට මඟහැරීමට කටයුතු කළ නිසා මෙම සිදුවීම සිදුවන්නට ඇති බව‍යි පොලීසිය අප කළ විමසීමකදී සඳහන්කර සිටියේ.

පෙම් සබඳතාවය නතර කරමු යන යෝජනාව පෙම්වතා විසින් පවසා ඇති අතර පෙම්වතිය ඔවුන්ගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ පළකර කරතිබෙනවා.

පෙම්වතා මෙයටද උරනව සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් පෙම්වතිය සිය සහෝදරයා සහ මව සමඟ පෙම්වතා මුණ ගැසීමට ගම්පොළ මාළු මාකට් එකට ගොස් ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීම දුරදිග ගොස් පෙම්වතිය විසින් පෙම්වතාට මෙලෙස පිහි ප්‍රහාරය එල්ලකර ඇති සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *