යාපනය ප්රදේශයේදී තරුණියක පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් කර මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියමව සිටි යුද හමුදා සෙබලුන් තුන්දෙනෙකු අතරින් දෙදෙනෙකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
අනෙක් හමුදා සෙබළාට එරෙහිව නැවත නඩු විභාගයක් පවත්වන ලෙසටද අභියාචනාධිකරණය විසින් මහාධිකරණයට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
යාපනය – පලාලි පාරේ කොණ්ඩාවිල් හමුදා මුරපොල අසළදී යතුරුපැදියකින් යමින් සිටි අදාළ තරුණිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ බවටයි මෙම සෙබලුන්ට චෝදනා එල්ලවී තිබුණේ.