කුඩා ගැහුනු දරුවන්ට කුකුළුමස් අගුණයි කියන කතාව පට්ටපල් බොරුවක් – පශු විද්‍යාඥවරු කියයි

අලෙවිය සඳහා ගොවිපළවල  ඇති කරන කුකුළන්ට හෝමෝන එන්නත් කිරීමක් සිදුකරන බවට සමාජ තුළ පැතිර යන අසත්‍ය  මතය වහාම වෙනසන් කළ යුුතු යැයි පශු වෛද්‍ය පර්යේෂණ, බැක්ටීරියා විද්‍යාව හා ව්‍යාධිවිද්‍යාව පිළිබඳ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය රෝෂාන් මඩලගම   සඳහන් කරයි.

කුඩා ගැහැණු දරුවන්ට කුකුල් මස් ලබා දිම සුදුසු නොවන   බවට සමාජ තුළ පැතිර යන මිත්‍යාව කිසිදු පදනමක් නොමැතිව ප්‍රචාරය වන්නක් බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවද පවසා සිටියි. 

මීට වසර ගණනාවක පෙර බොයිලර් කුකුලෙකු දින 70ක් තුළදී කිලෝග්රෑම් 2.8ක බරකින් යුක්ත වු නමුත් ජාන තාක්ෂණය භාවිත කිරීම හේතුවෙන් අද වන විට එම බර දින 35ක් වැනි කෙටි කාලයකදී ළඟාකර ගැනිමට හැකිව ඇතැයි වෛද්‍ය මඩලගම   පෙන්වාදේ.

ජාන තාක්ෂණය භාවිත කිරීම මේ වන විට ලොව පුරා ආයතන 4ට සීමා වී ඇති බවත් ඔවුන් භාවිත කරනුයේ  ඉහළම ජාන  තාක්ෂණය බවද පෙන්වා දෙන වෛද්‍යවරයා සතුන්ට හෝමෝන එන්නත් කිරිමටක් කිසිම විටක සිදු නොකරන බව සඳහන් කරයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *