හොද නින්දක් ලබන්න නිරුවතින් නිදාගන්න – නිරුවතින් නිදා ගැනීමේ වාසි ගොඩයි

කියන්න යන්නේ නිරුවතින් නිදා ගැනීමෙන් අපිට ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ ගැන.ගොඩාක් වෙලාවට අපේ රටේ මිනිස්සු නිරුවත් වෙන්නේ එක්කො සෙක්ස් කරද්දි නැත්නම් නාන කාමරයේදි. 
ඒත් නිදාගනිද්දී ඔබ නිරුවතින් සිටීමෙන් මොන තරම් නම් ශරීරයට යහපතක් වන බව ඔබ දන්නවද?

ඇත්තටම හොඳ නින්දක් ලැබෙනවා.

අපි සාමාන්‍යයෙන් කරන්නේ රෑට නිදාගන්න ගියත් ඇඳුමක් ඇඳගෙන බෙඩ් ශීට් එකකුත් පොරවගන්න එකනේ.

සමහර වෙලාවට බෙඩ් ශීට් එකත් පොරවගෙන ෆෑන් එකත් දාගන්නවා.ඇත්තටම ඒක නම් හොඳ නැහැ.

අපි දවසෙම මහන්සි වෙලා මහන්සි වෙලා ඇඳට වැටුනාම අපේ ඇඟ නිවෙන්න හරින්න ඕනි.

එතකොට තමයි හොඳ නින්දක් ලැබෙන්නේ.

හැබැයි ඇඳුම් ඇඳලා නිදා ගත්තම වෙන්නේ, ශරීරයේ රස්නය පිට වෙන්න තියෙන මාර්ගය ඇහිරෙන එක.

ඒකෙන් ගොඩාක් වෙලාවට අපිව අතරමග ඇහැරෙනවා.

මේ දවස් වල තියෙන රස්නෙත් එක්ක ඔබ හොඳටම ඒ බව නම් අත් දැකලා ඇති.

අපේ සමේ ඇති වෙන විශබීජ බැක්ටීරියා වර්ධනය වෙන එක අවම වෙනවා.

දවස තිස්සේ ඇඳුම් ඇඳගෙන ඉද්දි අපේ ඇඟට හරියාකාරව සුළඟක්වත් වදින්නේ නැහැ.

මේ හේතුව නිසාම අපේ හමේ ඇතිවන බැක්ටිරියා ආදිය වර්ධනය වෙන්න පුළුවන්.

ගොඩාක් වෙලාවට කාන්තාවන් රාත්‍රී නින්දේදී යට ඇඳුම් ආදිය භවිතා කරනවා නම් සැලකිළිමත් වෙන්න.

මානසික ආතතිය අඩු කරනවා

ඔබ ඔබේ සැමියා, බිරිඳ එක්ක ඇඳුම් නැතුව නිදා ගන්න එක මානසික ආතතිය අඩු කරලා සතුට වැඩි කරන්න හේතු වෙනව කියලා හොයාගෙන තියනවාලු.

තමන් ආදරය කරන කෙනාගේ හම ස්පර්ශව වෙනවා දැනෙන එක දෙදෙනාගේම ශරීර උෂ්ණත්වය එකිනෙකාට දැනෙන එක හරිම හොඳලු.

රුධිර පීඩනය අඩු කරන්නත් දෙන්න එක්ක ඇඳුම් නැතුව නිදා ගන්න එක හේතු වෙනවා කියලයි කියන්නේ.

ඇඟේ බර අඩු කරගන්නත් කියාපු වැඩේ

ජිම් යන්න කම්මැලි අයට නම් මේක හරි කදිම අවස්ථාවක්.

හොඳ නින්දක් ලැබුනහම, ශරීර වර්ධන හෝමෝනය හොඳින් ශ්‍රාවය වෙනවා. ආතතිය ඇති වෙන හෝමෝනය අඩු වෙනවා.

ඉතින් උත්සාහ කරලා බලන්න.ඔබට සුවදායී නි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *