Google සමාගම තම AI වේදිකාව වන Gemini හි ඇති විශේෂාංගයන් සහ ඒ ආශ්‍රිත අනෙකුත් ප්‍රතිලාභ මෙරට සිසුන්ට නොමිලේ ලබා දීමට එකඟ වී තිබේ.
ඔක්තෝබර් මස මැද භාගයේ සිට මෙම පහසුකම මෙරට සිසුන්ට ලබා ගත හැකි බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පැවසීය.
ඔහු මේ බව පැවැසුවේ, ‘AI National Expo’ ප්‍රදර්ශනය ආරම්භ කරමින් ය.
මෙම පියවර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ Google සමාගම අතර මාස ගණනාවක් ගත් උත්සාහයේ අවසානය බවත් නවීන ඩිජිටල් මෙවලම් සහ අධ්‍යාපන සම්පත් ලබා දීමේ අරමුණින් මෙය ආරම්භ කෙරෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.