කමල්-ශවේන්ද්‍ර ගෝටාභයට ගේමක් ගැහුවා – ගෝඨාගේ ලේකම්ගෙන් හෙළිදරව්වක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය බිඳ වැට්ටවීමට ප්‍රධාන කුමන්ත්‍රණ කරුවා වන්නේ එවක ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා බව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කිසිදු පුද්ගලයෙකු මුණ ගැසීමට නොදී හිර කරන ලද්දේ ජෙනරාල් එගොඩවෙල බවටද ඔහු චෝදනා කරයි.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මෙන්ම එවකට හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාද ගැහුවේ ගේමක් බවත් හෙතෙම කියා සිටී.

ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.

එදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන නිවස වට කළේ 150ක 180ක පිරිසක් පිරිසක් බවත් පැවසූ ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සූදානමක් තිබූ බවත් ඒ සඳහා පැමිණ සිටියේ මුස්ලිම් ජනතාව බවටත් එහිදී තවදුරටත් හෙළිදරව් කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *