ගෝඨත් ෆේල්,අනුරත් ෆේල්,රනිල්ට විතරයි පුළුවන් – රාජිත කියයි

දිගින් දිගටම රජය කෙරෙහි ජනතාවගේ ඇති විරෝධය වර්ධනය වෙමින් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

ඒ අනුව නව රජයට ඡන්දය ලබාදුන් ජනතාව සිදුව ඇති දේ සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක අසමත් වී ඇති බවත්, රට ගොඩ ගැනීමට හැක්කේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට බවට ජනතාවගේ පිළිගැනීමක් ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *