ශක්තිමත් ආර්ථිකයක් සමග විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකි පරිසරයක් රට තුළ අද නිර්මාණය වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඊයේ(04) රත්නපුර නගරයේ ඉදිකෙරුණු මැණික් කුළුන විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
ඒ අනුව 2022 හා සංසන්දනය කරන විට 2023 වසරේදී රජයේ ආදායම 50%කට වඩා වැඩි වී තිබෙන අතර සමාජ සේවා වෙනුවෙන් කරනු ලබන වියදම තුන් ගුණයකින් ඉහළ දමා ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.