විමර්ශන අවසන් කළ චෝදනා 50 ක් පමණ ප්‍රමාණයකට ඉතා නුදුරේදී අධිකරණයේ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරමින් සිටී.
මෙම පැමිණිලි බහුතරය රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ලැබුණු ඒවා වන අතර රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීපදෙනෙකුට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි ද ඒ අතර වන බව වාර්තා වෙයි.
මෙම පැමිණිලි අතර මීට කලකට පෙර විමර්ශන කටයුතු අවසන් කර චෝදනා ගොනු නොකළ පැමිණිලි කීපයක් ද වෙයි.
කොළඹ මහාධිකරණය හමුවේ මේ සම්බන්ධ චෝදනා ගොනු කෙරෙනු ඇති බවත් පැවසේ.