ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 62% දක්වා ඉහළට – වෙරිටේ රිසර්ච් කියයි

ආණ්ඩුව ගැන ජනතා අනුමැතියේ 62%ක වැඩිම අගය පෙබරවාරියේ!

ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බහුතරයකගේ අදහසයි

වෙරිටේ රිසර්ව් – රට හිතන හැටි අලුත්ම සමීක්ෂණයෙන් හෙළි වේ

2025 පෙබරවාරි මස 23 වැනිදා කොළඹදී ය.

වෙරිටේ රිසර්ව සිදුකරන ගැලප් ශෛලියේ රට හිතන හැටි ජනමත විමසුම් නවතම 2025 පෙබරවාරි ප්‍රතිඵල වලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇත. 2024 වසරේ ජූලි මාසයේ එය 24%ක් වූ අතර, මෙවර එය 62%ක් දක්වා ඉහළට ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රථම වතාවට ජනගහණයෙන් බහුතරයක් (55%ක්) ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සිතන්නේ යැයි මෙම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණයව ඇත. කෙසේ වුවත්, ජනගහණයෙන් 47%කගේ අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථික තත්ත්වය තවමත් දුර්වල පිට්ටමක පවතින බව යන්නත් රට හිතන හැටි 2025 පෙබරවාරි ප්‍රතිඵලවලින් කියැවේ. එය, 2024 ජූලි මාසයේ වාර්තා වූ 71% ප්‍රතිශතයට වඩා අඩුය.

සමස්තයක් වශයෙන් ගත්විට ආණ්ඩුව වැඩකරන ආකාරය අනුමත නොකරන ජනතාවගේ ප්‍රතිශතය 60%ක සිට 16%ක් දක්වා (අගයන් 44කින්) අඩුව ඇත. තවද, ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින්නේ යැයි සිතන ජනතාවගේ ප්‍රතිශතය ද, 65% සිට 14%ක් දක්වා (අගයන් 51කින්) අඩුව ඇත.

1.ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය – අනුමත කරනවා – 62% අනුමත කරන්නේ නැහැ – 16%

වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය ඔබ අනුපිත කරනවාද, නැද්ද? යන පැනයට, අනුමත කරන බව යන පිළිතුරු ලබාදුන් ප්‍රතිශතය 62%ක් විය. එය මෙම සමීක්ෂණය කළ අවසාන වතාවේ ලැබුණු 24%ක අගයට වඩා දෙගුණයකටත් වැඩිය. අනෙක් පසින්, ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන බව පැවසුයේ ජනතාවගෙන් 16%ක් පමණි. මෙම ප්‍රතිශතය, මින් පෙර අවස්ථාවේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන බවට පළවූ 60%ක ප්‍රතිශතය හා ගත්විට කැපී පෙනේ.

image 14 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *