ආපදා සහන සේවා කටයුතු සඳහා රජය රුපියල් බිලියන 1.2 ක මුදල් වෙන් කරයි

ආපදා සහන සේවා කටයුතු සඳහා මේ වන විට රජය රුපියල් බිලියන 1.2 ක් වූ මුදල් වෙන් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඊට අමතරව අවශ්‍ය මුදලක් ඉල්ලා සිටින ලෙස ජනාධිපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මඟින් සියලු දිසාපතිවරුන් දැනුවත් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එසේම සියලුම දිසාපතිවරුන් සමඟ සාකච්ඡාවක් අද පෙරවරු 9.00 ට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *