ජනතාවට ඉදිරියේ දී, සේවක අර්ථසාධක අරමුදලේ (EPF) කටයුතු සියල්ල තමන් සිටින ස්ථානයේ සිටම කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා.
ඒ අනුව, ඉදිරියේ දී කම්කරු අමාත්‍යාංශයට පැමිණීමකින් තොරව, එම කටයුතු සිදු කර ගැනීමට හැකිවනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.