රජයේ රෝහල්වලට පැමිණෙන සායනික රෝගීන්ට මාස 2 ක ඖෂධ එකවර ලබා දෙන ලෙස රජය දැනුම් දෙයි

රජයේ රෝහල්වල සායනවලින් ඖෂධ ලබාගන්නා රෝගීන්ට අවශ්‍ය දෙමසක ඖෂධ එකවර ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ ආයතන වෙත උපදෙස් ලබාදී ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛi හංසක විජේමුණි මහතා පවසයි.

රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්ධන කළමනාකරණය කරගැනීමේ අරමුණින් සෞඛ්‍ය ඇමැතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි. ඒ අනුව මෙම සතියේ සිටම මාස දෙකකට අවශ්‍ය ඖෂධ සායනවලින් ලබාගැනීමේ හැකියාව රෝගීන්ට ලැබෙන බව පවසන නියෝජ්‍ය ඇමැතිවරයා, ඖෂධ තොග අඩු රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනමින් ඖෂධ සැපයීමට පියවර ගෙන ඇතැයි ද කියා සිටී.

යම් රෝගියකු මාස දෙකකට අවශ්‍ය ඖෂධ එකවර ලබාගත්ත ද යම්කිසි හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඕනෑම අවස්ථාවක රෝහලට පැමිණීමට හැකියාව ඇතැයි පවසන සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා මැදපෙරදිග යුද්ධය නිසා ඇතිවී තිබෙන ඉන්ධන අර්බුදය සමග අවශ්‍ය ඖෂධ සැපයීම කළමනාකරණය කරගැනීමට ක්‍රියාමාර්ග ද ගෙන ඇති බවද කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *