රජයට වියදම් පාලනය කර ගන්න බැරි වෙයි

රජය අපේක්ෂා කළ අයුරින් වියදම් පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවට දත්ත හරහා පෙනෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

මේ අනුව පසුගිය වසරේදී රජයේ ආදායම බිලියන 1300කින් පමණ වැඩිවි ඇති බවත් පසුගිය වසදෙී රජයේ ආදායම වැඩි වී ඇත්තේ බිලියන 900කින් බවත් ඔහු පැවැසීය.

2023 වසරේ මුල් මාස 11ක දත්ත විශ්ලේෂණය කරමින් මහාචාර්යවරයා  මේ බව පවසයි. 

මාසයක් තුළ රජයේ වියදම  රුපියල් බිලියන 125කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව දිනක රජයේ වියදම  රුපියල් බිලියන 4කින් පමණ වැඩිවී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *