ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව ජනතා ප්‍රශ්න මඟ හැරීම සඳහා විවිධ ජනප්‍රිය මාතෘකා සතිපතා තෝරා ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසිය.
ජනතාවගේ හාල්, පොල් ඇතුලු ජීවන වියදම් ප්‍රශ්න සඳහා විසැදුම් දීමට ආණ්ඩුව පත්ව දින 100 ක් ගතවී ඇතත් නොහැකි වි ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඇතුල්කෝට්ටේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා තවදුරටත් මෙසේද පැවැසීය.
“ජනාධිපතිවරයා කරන්නේ රටේ තිබෙන සැබෑ ප්‍රශ්න අමතක කරන්න දුෂිතයන්ට වංචාකරුන්ට දඬුවම් දෙනවා හොරු අල්ලන්නවා කියලා අමුතුවෙන් කැ ගහන්න අවශ්‍ය වෙන්නේ නෑ. හාල් පොල් ඇතුලු මිනිස්සුන්ගේ ජිවින වියදම් ප්රශ්නය, රේගුවේ ප්රශ්නය, පාස්පොට් ප්‍රශ්නයට ජනාධිපතිවරයා නිසි විසදුම් ලබාදිමට කටයුතු කළ යුතුයි.
හොරු අල්ලනවා කියලා ජනතාවගේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න තමයි ජනාධිපතිවරයා කටයුතු කරන්නේ. හොරු ඇල්ලිම ගැන නිතරම ජනාධිපතිවරයාට සහ ඇමැතිවරුන්ට කතා කරන්න වෙනවා කියන්නේ රටේ නිතියේ ආධිපත්‍ය සුරක්ෂිත වෙලා නෑ කියන එකයි.
ආණ්ඩුවත් තැනින් තැන රැස්විම් පවත්වමින් යනවා. නමුත් ඒ රැස්විම් වලදි ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර ලබාදිමක් නම් සිදුවන්නේ නෑ. ගෝඨාභයගේ ගම සමග පිලිසදර වැඩසටහනේදි ගෝඨාභය මහත්තයා ජනතාව අහන ප්‍රශ්නවලට උත්තර ලබා දෙනවා. නමුත් වර්තමාන ජනාධිපතිවරයා ගමින් ගමට ගිහින් කරන්නේ ප්රශ්නනයි උත්තරයයි දෙකම ප්‍රකාශ කරලා පිටත් වෙන එකයි. කාටවත් ප්‍රශ්න අහන්න දෙන්නේ නෑ ජනාධිපතිවරයා ප්‍රශ්නයත් අහලා ඔහුම ඊට පිළිතුරත් ලබාදෙනවා.