රජයේ වියදම් අඩු වී රාජ්‍ය ආදායම ඉහළට යයි – අයවැය පරතරය දැනට 36%කින් පහළ බසියි

මේ වසරේ මුල් මාස හත තුළ අයවැය පරතරය, පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී 36.3% කින් පහත වැටී ඇති බව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙන වාර්තාවකින් අනාවරණය වී තිබේ. 

2024 වසරේ මුල් මාස හත තුළ අයවැය පරතරය රුපියල් බිලියන 872.6 ක් ලෙස වාර්තා විය. 

එය මේ වසරේ දී රුපියල් බිලියන 556.1 දක්වා පහත වැටී තිබේ. 

2025 වසර සදහා සම්පූර්ණ අයවැය පරතරය රුපියල් ට්‍රිලියන 2.2 ක් වනු ඇතැයි අපේක්ෂා කරයි. 

වසරේ මුල් මාස හත තුළ රජයේ වියදම් රුපියල් ට්‍රිලියන 3.29 දක්වා ඉහළ ගොස් තිබේ. 

එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සැසදීමේදී 8.5% ක වර්ධනයකි. සම්පූර්ණ වසර සදහා රාජ්‍ය වියදම රුපියල් ට්‍රිලියන 7.2 ක් වනු ඇතැයි අපේක්ෂා කරයි. 

මේ වසරේ මුල් මාස හතට අදාලව ගත් විට රාජ්‍ය ආදායම,  රුපියල් ට්‍රිලියන 2.7 කි. එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සැසදීමේ දී 26.6% ක වර්ධනයකි. 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මුල් මාස හත තුළ සිය ආදායම, 53% කින් ද, සුරාබදු දෙපාර්තමේන්තුව 52% කින් ද, රේගුව 57% කින් ද සිය ආදායම ඉහළ නංවාගෙන තිබේ. එය ගණනය කර තිබෙන්නේ පසුගිය වසරේ මුල් මාස හතට සාපේක්ෂවයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *