ආණ්ඩුවට කිසිම පෙර සූදානමක් නැහැ – සංජීව එදිරිමාන්න

වත්මන් ආණ්ඩුව රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් කිසිදු පෙර සූදානමක් නැතිව රට පාලනය කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පැවසීය. “මේ ආණ්ඩුව වැඩක් කරන්න ගන්න කොට මේ වසර 5 ඉවර වෙලා තියෙයි. ලංකාවේ කිසිම දිස්ත්‍රික්කයක කිසිම නිෂ්පාදනයකට කිසිම ප්‍රවේශයක් අරගෙන නැහැ. මේ තත්ත්වය උඩ නම් උද්ධමනය හෝ වියදම් අඩු වෙයි කියලා හිතන්න බැහැ. ජනතාවගේ මූලික අවශ්‍යතාව වන හාල් ටික සපයන්නවත්, ගොවියාට වී සම්බන්ධයෙන් සාධාරණ මිලක් දෙන්නවත් බැරි ආණ්ඩුවක් නිෂ්පාදන ආර්ථිකයක් හදයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද?” යැයිද ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *