රාජ්‍ය ආය­ත­න­ව­ලට මහජනතාව භාර දෙන ලිපි­ව­ලට රිසි­ට්ප­තක් නිකුත් කරන ලෙස රජය දැනුම් දෙයි

රාජ්‍ය ආය­ත­න­ව­ලට මහ­ජ­න­තාව පැමිණ අතින් භාර දෙන ලිය­කි­ය­වි­ලි­ව­ලට මෙන්ම මහ­ජ­න­තාව විසින් තැපෑ­ලෙන් එවනු ලබන සියලු ලිය­කි­ය­වි­ලි­ව­ලට රිසි­ට්ප­තක් නිකුත් කරන ලෙස රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාං­ශය දැනුම් දී තිබේ.

රාජ්‍ය ආය­තන වෙත අතින් භාර­දෙන ලිය­කි­ය­විලි පිළි­බඳ කට­යුතු කිරීම සම්බ­න්ධ­යෙන් රාජ්‍ය පරි­පා­ලන පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර මහ­තාගේ අත්ස­නින් යුතුව විශේෂ චක්‍ර­ලේ­ඛ­යක්ද මේ වන විට නිකුත් කොට ඇත.

මහ­ජ­න­තාව සහ විවිධ ආය­තන විසින් රාජ්‍ය ආය­ත­න­ව­ලට ලිපි යොමු කිරීම තැපැල් මඟින් මෙන්ම ආය­තන වෙත පැමිණ අතින් භාර­දීම මගින් ද සිදු කරනු ලබයි. එසේ ලැබෙන ලිපි අතු­රින් ලියා­ප­දිංචි තැපෑල ඇතු­ළුව තැපැල් මගින් ලැබෙන ලිපි හා අතින් බාර දෙනු ලබන ලිපි සම්බ­න්ධ­යෙන් ආය­ත­නය විසින් විවිධ කාර්යාල ක්‍රම අනු­ග­ම­නය කර­මින් වාර්තා තබා ගැනීම දෛනි­කව සිදු කරනු ලබයි. එම­ගින් කිසි­යම් ලිපි­යක් පිළි­බඳ අව­ශ්‍ය­තාව අනුව පසු විප­රම් කළ හැකිවේ.

අතින් බාර දෙන ලිපි ලේඛ­න­ගත කළ ද ලිපිය අතින් බාර දුන් තැනැ­ත්තාට ලිපිය බාර දුන් බවට පසු අව­ස්ථා­වක ඉදි­රි­පත් කළ හැකි සාක්ෂි­යක් නොමැති වුව­හොත් ඔහුට හෝ ඇයට තමන් අතින් බාර දුන් ලිපිය පිළි­බඳ පසු විප­රම් කළ නොහැකි වේ.

ඉහත කරුණු සැල­කි­ල්ලට ගෙන ආය­ත­නය වෙත පැමිණ අතින් භාර දෙන ලිපි සඳහා ලිපිය භාර­දී­මට පැමි­ණෙන පුද්ග­ලයා වෙත සුදුසු කාර්යාල ක්‍රම­යක් අනු­ග­ම­නය කර අදාළ ලිපිය භාර­ගත් බවට තහ­වුරු කිරී­මක් ලබා­දී­මට කට­යුතු කළ යුතු අතර එසේ ලැබෙන ලිපි පිළි­බඳ වාර්තා තබා ගැනී­මද සාමාන්‍ය කාර්යාල ක්‍රමා­නුව සිදු කළ යුතු බව එම චලේ­ඛයේ වැඩි­දු­ර­ටත් සඳ­හන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *