රාජ්‍ය නිලධාරීන්ට බාධා කළොත් දැඩි දඬුවම් – රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දෙයි

රාජ්‍ය නිලධාරීන්ට සිදුවන අකටයුතුකම් සහ පහරදීම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍යාංශය පවසයි.

ඒ, පසුගිය දිනක වනජීවි දෙපාර්තමේන්තු නිලධාරියෙකුට හිටපු මන්ත්‍රිවරයකුගේ සමීපතමයකු පහරදීමට උත්සාහ කිරිමේ සිදුවීමත් සමගයි.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍ය  මහාචාර්යය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, රාජකාරි වේලාව තුළදී පුත්තලම ප්‍රදේශයේ, වන අලි අභය භූමියට පලවා හැරි වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට අදාල මන්ත්‍රිවරයාගේ සමීපතමයා පහර දීමට උත්සහ කර ඇති බවයි.

වනජීවි නිලධාරීවරයා සතුව තිබී අලි පලවා හැරීමට භාවිතා කරන රාජකාරි ගිනි අවිය ද පැහැර ගැනීමට සැකකරු උත්සහ කර තිබේ.

ඒ අනුව එම සිදුවීම් පාදක කර ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන්ට සිදුවන අකටයුතුකම් හා රාජකාරියට බාධා කිරිම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර අදාල පුද්ගලයින්ට නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *