අලුත්ම සමීක්ෂණ වාර්තාව අනුව ආණ්ඩුවේ ජනප්‍රියත්වය 8% දක්වා අඩුවෙලා – චන්දිම වීරක්කොඩි

වත්මන් ආණ්ඩුව දිගින් දිගටම ජනතාවගෙන් පිරිහී යමින් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා.

ඒ අනුව, නවතම සමීක්ෂණ වාර්තාව අනුව ආණ්ඩුවේ ජනප්‍රියත්වය 8% දක්වා අඩු වී ගොස් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආණ්ඩුවට විරෝධව නැඟී එන විරෝධතා, අදහස් හා මත දැක්වීම් හදිසි නීතිය පනවා බලහත්කාරයෙන් පාලනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *