සුළිකුණාටුවෙන් බිද වැටුණු මව්බිම යළි ගොඩ නැගීම සදහා ජාත්‍යන්තරයේ සහාය ලබා ගැනීමට, ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැදවීමට රජයේ අවධානය යොමු වී ඇති බව ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවත ලෙස වාර්තා කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා එවැනි සූදානමක් පිළිබදව අනාවරණය කර ඇති බවද පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ.
සුළි කුණාටුවෙන් වූ හානිය පිළිබදව මේ වන විට ලෝක බැංකු නියෝජිතයන් විසින් තක්සේරු වාර්තාවක් සකස් කරමින් සිටින බව පවසා ඇති අමාත්‍යවරයා, එය අවසන් වූ වහාම ආධාර සමුළුව කැදවීමට අපේක්ෂා කරන බව ඩේලි මිරර් පුවත්පත ඒ පිළිබදව කරන ලද විමසීමක දී පවසා තිබේ.
සුළි කුණාටුව හේත-ුවෙන් ඩොලර් බිලියන 7-8 ත් අතර ප්‍රමාණයක අලාභයක් ලංකාවට සිදුව ඇතැයි අනුමාන කළ හැකි බව, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් මීට පෙර පවසා තිබුණි.