සීසන්වලින් යන අය සහ පාසල් සිසුන් මගහැර යන CTB බස් ගැන 1956 අංකයට දැනුම් දෙන්න – රජය කියයි


පාසැල් සිසුන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) මගින් ගමන් ගන්නා ජනතාව මගහැර යන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් රජය ඉල්ලා සිටිනවා.

පසුගියදා පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මෙම ගැටළුව පිළිබඳව සාකච්ඡා වූ අතර එම අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඕනෑම පුරවැසියෙකුට ඒ සම්බන්ධයෙන් අදාළ අංකයට දැනුම් දීමක් කළ හැකි බවයි අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළා.

මෙම ගැටළුව සම්බන්ධයෙන් තමා දැනුවත් බවත්, මෙවැනි අකටයුතු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත්, මේ පිළිබඳව ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *