ලබන වසර තුළ රාජ්‍ය සේවකයින් ලක්ෂ 10ක් ඉලක්ක කර ගනිමින් ණය ලබාදීමේ වැඩසටහනකට යොමුවන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශීක අධික්ෂණ කාරක සභාව ලෝහෝර් ආර්යා ණය අරමුදලට උපදෙස් ලබා දී තිබෙනවා.
එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වුණේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩගේ ප්‍රධානත්වයෙන්.
එදින ආංශික අධීක්ෂණ කාරක සභාවට කැඳවා තිබුණේ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ නිලධාරීන් සහ ලෝහෝර් ආර්යා ණය අරමුදලේ නිලධාරීන්.
මේ අතර, කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ මහජනතාව තුළ තම ආයතනය පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති බවයි.
එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය හඳුන්වන ක්‍රිබ් යන යෙදුම වෙනස් කිරීමටද අවධානය යොමුව ඇති බවයි එහි නිලධාරීන් අංශික කාරක සභාවට දැනුම් දී ඇත්තේ.