රාජ්‍ය සේවකයින්ට මාස 04ක පඩි සහිත බෝනස් නිවාඩු දෙයි

2023 වසරේ සැප්තැම්බර්,ඔක්තෝම්බර් ,නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී විවිධ ආපදා හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ දිනයන් වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට විශේෂිත නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

මේ අනුව විවිධ පළාත්වල සිදුවූ ගංවතුර, ජල ගැලීම්, නායයෑම්, මාර්ග අවහිරතා ආදී හේතුන් නිසා හටගත් ප්‍රවාහන දුෂ්කරතා, අවතැන්වීම් සහ විපත්වලට ලක්ව රාජකාරි ස්තානවලට වාර්තා කිරීමට නොහැකිවූ රාජ්‍ය සේවකයන්ට මෙම වරප්‍රසාදය හිමිවන බවයි පැවසෙන්නේ.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.රංජිත් අසෝක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් වන්නේ, මෙම නිවාඩු ලබා ගැනීම සඳහා තමන් පදිංචි වසමේ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය සහිත ඉල්ලීම තම ආයතන ප්‍රධානින් වෙත යොමු කල යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *