මෙරට පුද්ගලික අංශයේ සේවකයින් ඉහළට – රාජ්‍ය අංශයේ සේවකයින් ලක්ෂ 02කින් පහළට යයි

මෙම වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව දෙවැනි කාර්තුවේ දී මෙරට පුද්ගලික අංශයේ සේවකයන් පිරිස ඉහළ යද්දී, රාජ්‍ය අංශයේ සේවකයන් පිරිස ලක්ෂ 2කින් පමණ පහළ වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.

පළමු කාර්තුවේ දී මෙරට රාජ්‍ය සේවකයන් පිරිස 1,302,185 ක් වී ඇති බවත් එය දෙවැනි කාර්තුවේදී 1,165,094 ක් දක්වා අඩු වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ. එසේම පළමු කාර්තුවේ දී මෙරට පෞද්ගලික අංශයේ සේවකයන් පිරිස 3,808,235 ක් බවත් දෙවැනි කාර්තුවේදී එය 3,814,313 ක් දක්වා වැඩි වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

එසේම පළමු කාර්තුවේ දී  8,461,936 ක් වූ මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනතාව දෙවැනි කාර්තුවේ දී 8,491,296 ක් දක්වා ඉහළ ගොස් ඇති නමුත් තවමත් මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනතාවට වඩා අක්‍රීය ජනතාව ඉහළ බව  ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *