රජයේ සමාගමක් ලෙස ‘ශ්‍රීලන්කන්’ දිගටම පවත්වාගෙන යන්න තීන්දු කරයි

ශ්‍රීලන්කන් ගුවන් සමාගම රජය සතු සමාගමක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා පවසයි.

ඇමැතිවරයා පවසන්නේ පසුගිය රජය විසින් ශ්‍රීලන්කන් ගුවන් සමාගම විකිණීමට කටයුතු සැලසුම් කර තිබූ බවය.

වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බිමල් රත්නායක ඇමැතිවරයා ඒ බව සඳහන් කළේය.

“ශ්‍රීලන්කන් ගුවන් සමාගම වහලා, විකුණලා, විනාශ කරලා තිබුණේ. ඒ වගේම මගේ දැනීමේ හැටියට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානා තුනක් අවුරුදු 03ක් තිස්සේ ග්‍රවුන්ඩ් කරලා තිබුණා එන්ජිම නැතුව. අවුරුදු 03ක් තිස්සේ මාසයකට ඩොලර් ලක්ෂ 09 ගාණේ යානා බිම තියාගෙන ගෙව්වා රනිල්ලාගේ පසුගිය ආණ්ඩු. එහෙම තමයි ඒ අය හොඳටම කළේ. දැන් මම දන්න තරමින් ගනේගොඩ මහතා ඇතුළු අලුත් නායකයෝ ඇවිල්ලා ඒ අය යම් ආකාරයකට මුදල් හොයාගෙන බිම තියෙන යානාවලින් එකක් දැනට ඔපරේට් වෙනවා. තව දෙකක් ඒ අය අප්‍රේල්වලට කලින් ඔපරේට් කරන්න යනවා. ඉතින් ඒ නිසා ඒ අය ශ්‍රීලන්කන් ගුවන් සමාගම විකුණන්නේ නැතිව ඉදිරියට යන්න සැලැස්මක ඉන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *