ලබන වසරේ සිට ශිෂ්‍යත්ව විභාගය සෑහෙන්න ලේසි කරයි

දරුවන්ගේ සහ මවුපියන්ගේ පීඩනය අවම කිරීම සඳහා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේදී සරල කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ශිෂ්‍යත්ව විභාගයේදී සාක්‍ෂර හැකියාව සහ අංකන හැකියාව මැන බැලීමට ප්‍රමුඛත්වය දෙන බවද අමාත්‍යවරයා කීවේය.

ඉදිරියේදී ශිෂ්‍යත්ව ලකුණු මෙන්ම 4 සහ 5 ශ්‍රේණිවල පන්ති කාමරයේදී ඇගයීම් වලින් සියයට තිහක් ලකුණු ලබාගත යුතු බවත් ඒ සඳහා දරුවන් අඛණ්ඩව පාසල් පැමිණීම වැදගත් බවත් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

ශිෂ්‍යත්ව විභාගය  සම්බන්ධයෙන් යෝජනා ගණනාවක් ලැබී ඇති බවත් එම යෝජනා අධ්‍යයනය කරමින් සිටින බවත් ඔහු පැවසීය.

ශිෂ්‍යත්ව විභාගයේ සංකීර්ණ භාවය දරුවන්ගේ මනසට  විශාල පීඩාවක් බව අධ්‍යාපනඥයෝ සහ මනෝ වෛද්‍ය විශේෂඥයෝ දීර්ඝ කාලයක් තිස්සේ රජයට පෙන්වා දෙති.

මේ අතර අධ්‍යාපනයේ වෙනස්කම් රැසක් ලබන වසරේදී  ඇති කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *