උකුවෙල මලිති සිරිවර්ධන ජීවන වෘත්තිය සවියක් කර ගනිමින් සැහැල්ලු බෝනික්කන් හදා ආර්ථිකය සරු කරගත් කාන්තාවකි. මේ ඇගේ කතාවයි. විවිධ හැලහැප්පීම් මැද මිරිකෙමින් ආර්ථික අරගලයට මුහුණ දී ජීවන අරගලය ජය ගන්න වෙර වීරිය දරන උකුවෙල මලිති මේ ආකාරයට ඇයගේ පාසල් දිවියේ විවිධ ගැහැට දුක් කරදර විඳගෙන ඇති වූ බාධක මැද්දෙන් ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ නමුත් ඇයට මුහුණ දීමට සිදු වූ බාධක අපමණය. මේ දිරිය කාන්තාව සැහැල්ලු සෙල්ලම් බඩු නිෂ්පාදන කලාවෙන් අමිහිරි ජීවිතය ජය ගන්න වෙර දරමින් දෛවයට අභියෝග කරමින් ජීවිතය ජය ගැනීමට සැහැල්ලු සෙල්ලම් බඩු නිර්මාණයට යොමු විය.
ඒවා නිෂ්පාදනයෙන් දිවි සරු කරගත් ඇය මේ වන විටත් ඇණවුම්වලට බෝනික්කන් සපයමින් පාරිභෝගිකයාගේ කැමැත්තට අනුව ඉල්ලන ඕනෑම නිර්මාණයක් දින දෙක තුනකදී ලබා දීමට පියවර ගනියි. මේ වන විටත් ඇගේ සෙල්ලම් බඩු නිෂ්පාදන කලාවට සම්බන්ධ 30කට ආසන්න පිරිසක් ව්‍යවසායිකාවන් බවට පත්ව ඇති බව ද ඇය පවසන්නීය.
මේ වන විටත් මලිති සිරිවර්ධන මහත්මියගේ නිෂ්පාදන ඩුබායි, ජපානය, මාලදිවයින ඇතුළු රටවල් රැසකට අපනයනය කරයි. රැකියා විරහිත ගෘහිණියන්ගේ ආර්ථිකයට සවියක් වන්නටත් රටට ඩොලර් උපයා ගැනීමටත් සිය කර්මාන්තය වැඩිදියුණු කර ගැනීම ඇයගේ බලාපොරොත්තුවයි.
රටට ව්‍යවසායිකාවන් බිහි කිරීමට අවශ්‍ය වෙලාවක කලා නිෂ්පාදන ජාතික ශිල්ප සභාව යටතේ ලියාපදිංචි කර කර්මාන්ත අමාත්‍යාංශය, කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකින් නිලධාරින් පැමිණ තම නිෂ්පාදන පිළිබඳව සෑහීමකට පත්වූ බව ද සඳහන් කළ මුත් කිසිදු ආයතනයක් තම උත්සාහයට සවියක් වන්න ඉදිරිපත් නොවූ බව ද ඇය පැවසුවාය. ජීවන අරගලය ජය ගන්න වෙර දරන මලිති ඈ මුහුණ දුන් අභියෝග පිළිබඳව ඉතාමත් හැඟුම්බරව පැවසුවේ මෙලෙසිනි. ලංකාවට ඩොලර් උපයන ගෘහණියන් කරන කැප කිරීම ගැන බලධාරින්ගේ අවධානයක් මෙතෙක් යොමු වී නැතත් විදාතා සම්පත් මධ්‍යස්ථානය හැර අනෙක් රාජ්‍ය ආයතනවලින් කිසිම උදව්වක් නොවූ බව ද කියයි. උපකාර කරන්න කෙනෙක් ඉන්නවා නම් රටට ඩොලර් ගේන්න පුළුවන් බව උකුවෙල මලිති සිරිවර්ධන මහත්මිය පවසන්නීය.