අපි 2025 ඉවර කරන්නෙ battery packs වලටයි, fuel cell වලටයි process වෙන්න යන අපේ මිනිරන් පිරුණ මේ baggages කහටගහෙන් නැව් ගත කරල
මට පුලුවන් උනා අපේ ලංකාවෙ, කහටගහ මිනිරන් වලට අතරමැදියන් නැතුව end to end processing වලට යුරෝපයට අලුත් supply chain එකක් ඇරල දෙන්න.
කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වය නිල වශයෙන් ලැබුන දවසෙ ඉඳල මගේ උවමනාව උනේ end user එක්ක අපිට අතරමැදියන් අවම supply chain එකක් build කරන්න.
මිනිරන් value chain එකේ හැම තැනම ඉඳල තියන නිසා මට මූලිකවම තේරුණ අවුල උනේ අපිට ලෝකෙ හොඳම මිනිරන් තිබුනත්, අපේ branding වල අවුලක් තියනව කියල. ඒ නිසාම තමයි මම 2021 දි Rebrand Sri Lanka Graphite project එක පටන්ගත්තෙ.
කොමිස් සරු සහ අතරමැදියන්ගෙන් පිරුණ mineral mafia එකේදි එක තැනකදි ජීවිත තර්ජන ගැන සලකල මට මගේ වැඩ පිලිවෙල එක තැනකදි නතර කරගන්න වෙනව.
ජනාධිපති අනුර ප්රමුඛ මේ රජය යටතේ මට වචනෙකින්වත් කිසිම බාධාවක් නැතුව අදාල ක්‍රියාවලිය ඉදිරියට අරගෙන යන්න රජයේ සියලු දෙනාම උදව් කරනව.
ඒකෙ ප්‍රතිඵලය වෙන්නෙ විවිධාකාර කුමන්ත්‍රණය වලින් ගැනුම්කරුවන් එකින් එක ගැලවෙමින් ස්වාභාවික මරණයකට යම්න තිබුන තැනක් ආයෙත් මේ වගේ emerging suppy chains වලින් පණ ගහල ගන්න පුලුවන් වෙන එක.
අදාල බලධාරීන්ගෙ ඉල්ලීම මත මම brand consultancy වල ඉඳල lead generation වලට එනකම් හැම දෙයක්ම කලේ, සහ අදාල සියලු වියදම් සියල්ල මගේ පාර්ශවයෙන් බලා ගත්තේ නිදහස් අධ්‍යාපනයෙන් දෙයක් ගත්ත නම් ආයෙ අපි return on investment එක්ක දෙන්න ඕන, සහ හැමෝම කරන්න බෑ කියල තිබුන වැඩක් කරල බලන්න ඕන ආතල් එක ගන්න ඕන නිසා.
මගේ උවමනාව තියෙන්නෙ battery value chain එකේ ඊලඟ step එක වෙන, graphite active anode material plant එකක් මෙහේ setup කරන එක. සුබවාදී බලාපොරොත්තුවක් එක්ක 2026 දි අපි ඒකටත් වැඩ කරනවා.
මම හිතන්නෙ සියවස් ගණනක් අපි ලංකාවෙ මිනිරන් ගැන දුටු හීනයක් තමයි ඒකත්.
අමාරු ගේමක්. හැබයි ආතල්.
දිනේවා මව්බිම ශ්‍රී ලංකා !!
– – සමදිත් උත්පලගේ ෆේස්බුක් ගිණුමෙන්