දේශපාලනඥයන් හෝ වෙනත් තැනැත්තන් විසින් අයථා ලෙස උපයාගත් වත්කම් සහ දේපළ රාජසන්තක කොට පවරා ගැනීම සඳහා නව රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. එම ආයතනය හැඳින්වෙන්නේ වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනය යනුවෙනි. මෙය ලොව බොහෝ දියුණු රටවල ක්‍රියාත්මක වන ආයතනයකි.
අයථා ලෙස උපයාගත් මුදල් හෝ මුදල් විශුද්ධිකරණයෙන් සපයාගත් මුදල් සහ වෙනත් වත්කම් පිටරටවල හෝ රට තුළ තිබේ නම් ඒවා හඳුනාගෙන අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම රජයේ අරමුණයි. විශේෂයෙන් දැනටමත් රජයට ලැබී තිබෙන නීතිවිරෝධී කළු සල්ලි හිමියන් සම්බන්ධ තොරතුරු අනුව රහසිගත පරීක්ෂණ ගණනාවක් දියත් කර ඇති බවද ආරක්ෂක අංශ ආරංචි මාර්ග කියයි.